ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ලබා දෙන සුවිශේෂී දායකත්වය වෙනුවෙන් හේලීස් සමූහයේ කෘෂි ආශ්‍රිත සමාගම් 2010 ජාතික ඇග්බිස් සම්මාන උළෙලේදී සම්මාන හතක් දිනා ගත් අතර, එය එම සම්මාන උළෙලේදී එක් කණ්‌ඩායමක් විසින් දිනාගන්නා ලද වැඩිම සම්මාන සංඛ්‍යාවද වෙයි.
මෙහිදී එච්. ෙ-. එස්. කොන්ඩිමන්ට්‌ස් ලිමිටඩ්, සන්ෆේරස්‌ට් ලිමිටඩ් සහ හේලීස් ඇග්‍රො ප්‍රොඩක්‌ස් ලිමිටඩ් විසින් රන් සම්මාන හතරක්, රිදී සම්මාන දෙකක් සහ ජාතික සම්මාන කාණ්‌ඩයේ ලෝකඩ සම්මානයක් හිමිකර ගත්හ.
හේලීස් සමූහය මෙම සම්මාන උළෙලේ ජයග්‍රහණය හිමිකර ගත්තේ සාර්ථක පස්‌වන වසරට වන අතර, මෙවර සම්මානයට පාත්‍ර වීමට හේතුවූ කාරණා අතර කෘෂි ක්‌ෂේත්‍රයට නව සේවා හඳුන්වා දීම, සේවා ව්‍යාප්තිය, පර්යේෂණ සහ සංවර්ධනය, කාර්යාවලි වැඩිදියුණු කිරීම, රැකියා අවස්‌ථා ජනනය කිරීම, කෘෂිකාර්මික ක්‌ෂේත්‍රයේ යෙදවුම් සඳහා තිරසාර සැලසුම් හඳුන්වාදීම, නිෂ්පාදනය, අලෙවිකරණය සහ සත්ව සෞඛ්‍ය නිෂ්පාදන හඳුන්වාදීම යන කාරණා අයත් විය.
ශ්‍රී ලංකාවේ විශාලතම පලතුරු සහ එළවලු අපනයනකරුවා වන එච්. ඡේ. එස්. කොන්ඩිමන්ට්‌ස් සමාගම "මහා පරිමාණ" කාණ්‌ඩය යටතේ අලෙවිකරණය සඳහා රන් සම්මානයක් සහ ජාතික සම්මාන අතරින් ලෝකඩ සම්මානයක් දිනා ගන්නා ලදී.
සම්මාන හිමිකරගත් හේලීස් සමාගම් වල නියෝජිතයන් (වමේ සිට) කෘෂි උපකරණ අංශයේ සාමාන්‍යාධිකාරී එම්. ඒ. රාජාප්, සත්ව සෞඛ්‍ය අංශයේ ප්‍රධානී වෛද්‍ය එස්. මල්ලවආරච්චි, හේලීස් ඇග්‍රො ප්‍රොඩක්‌ට්‌ස් ලිමිටඩ් හි අධ්‍යක්‍ෂ/ ප්‍රධාන විධායක නිලධාරී යූ. ඊ. ආර්. ගන්ගොඩ, හේලීස් සමූහයේ විධායක අධ්‍යක්‍ෂ රිස්‌වි සහීඩ්, එච්. ඡේ. එස්. කොන්ඩිමන්ට්‌ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්‍ෂක ඒ. සී. වික්‍රමනායක, කෘෂි නිෂ්පාදන අංශයේ ජාත්‍යන්තර අලෙවිකරණය සඳහා ප්‍රධානී රුවන් රාජපක්‍ෂ, භෝග ආරක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂක/ සාමාන්‍යාධිකාරී එස්. එම්. ගමගේ සහ හේලීස් ඇග්‍රො ෆර්ටිලයිසස් ප්‍රයිවට් ලිමිටඩ් හි අධ්‍යක්‌ෂක සාමාන්‍යාධිකාරී නන්දලාල් පෙරේරා යන මහත්වරුන් ඡායාරූපයේ වෙති. (Divaina Irida)
Showing posts with label Business in sri lanka. Show all posts
Showing posts with label Business in sri lanka. Show all posts
Sunday, September 5, 2010
Subscribe to:
Posts (Atom)