Showing posts with label sri Lanka government. Show all posts

Monday, September 6, 2010
8 වනදා ඡන්දය ගැන මෛත්‍රිපාල කියයි - දැනටමත් 160කට වඩා සංශෝධනයට පක්‌ෂයි
එක්‌සත් ජාතික පක්‍ෂයේ තවත් මන්ත්‍රීවරුන් රැසක් දහඅටවැනි ව්‍යවස්‌ථා සංශෝධනයට කැමැත්ත පළකර ඇතැයි ද ඒ අනුව ඉදිරි පැය හතළිස් අට තුළදී ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‍ෂ මන්ත්‍රීන් සංඛ්‍යාව අනිවාර්යයෙන්ම එකසිය හැට ඉක්‌මවන බවද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා "දිවයින"ට ඊයේ (05 දා) ප්‍රකාශ කළේය. ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‍ෂව මේ වන විටත් මන්ත්‍රීවරුන් එකසිය හැටදෙනකු සිටින බව කී මෛත්‍රිපාල සිරිසේන මහතා එම සංඛ්‍යාව ඉදිරි පැය කීපය තුළදී තවත් වැඩිවනු ඇතැයි ද කීය. එක්‌සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්‌ති පෙරමුණ ව්‍යවස්‌ථා සංශෝධනයට විරුද්ධව පෝස්‌ටර් ඇලවීමෙන් සහ උද්ඝෝෂණය කිරීමෙන් ඵලක් නොවන බවද කී හෙතෙම මෙම 08 වැනිදා අනිවාර්යයෙන්ම මන්ත්‍රීවරුන්ගේ වැඩි බහුතරයකින් 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අනුමත වන බවද කීය.
Sunday, September 5, 2010
ධුර කාලයේ සීමාව ඉවත් කිරීම රටට වැඩ කිරීමට අලුත් ශක්‌තියක් ලබා දෙනවා - ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව 18 වැනි වරටත් සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් ආණ්‌ඩුව විසින් මේ වන විට ඉදිරිපත් කර තිබේ. එම සංශෝධනය ඉදිරිපත් කිරීම, විපක්‍ෂයේ මන්ත්‍රීවරු ආණ්‌ඩු පක්‍ෂයට එකතුවීම යන කාරණා මූලික කර ගනිමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සමග "දිවයින ඉරිදා සංග්‍රහය" කළ සාකච්ඡාවයි මේ.
ප්‍රශ්නය - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තවම ඔහුගේ දෙවන ධුර කාලයේ දිවුරුම් දීමවත් සිදුකර නැහැ. එසේ තිබියදී ලහි ලහියේ ජනාධිපති ධුරයට තරග කළ හැකි වාර ගණනේ සීමාව ඉවත් කිරීම සඳහා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනයක් ගෙන ඒමට ආණ්‌ඩුව කටයුතු කරන්නේ ඇයි? තමන්ගේ පරපුරම බලය තබාගෙන කටයුතු කිරීම සඳහා යන ගමනට මෙමගින් පදනම දමනවාද?
පිළිතුරු - ඇත්ත වශයෙන්ම මේ කටයුත්ත ලහි ලහියේ කරන ලද්දක් නෙමෙයි. පසුගිය වාරයේ අපි මහින්ද චින්තනය ඉදිරිපත් කරපු වෙලාවෙත් මේක සාකච්ඡා කළා. මහින්ද චින්තන ඉදිරි දැක්‌ම තුළ මේ ගැන ඊට වැඩිය සාකච්ඡා වුණා. දැනට මාස දෙකකට පමණ පෙරයි, මේක ඉදිරිපත් වුණේ. දැන් අවසන් කෙටුම්පත සකස් කරලයි මේක ඉදිරිපත් කළේ.
පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙකුට සහයෝගය දීම සඳහා ජ.වි.පෙ. කොන්දේසි හතරක් දැම්මා. එයින් ප්‍රමුඛම කොන්දේසිය වුණේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. එතැනදී අපි කිව්වේ, අපි ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නේ නැහැ කියලයි. අපි මහින්ද චින්තනයේදී කිව්වේ, ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා කියලයි. නමුත් මහින්ද චින්තන ඉදිරි දැක්‌මේදී අපි කිව්වේ, ජනාධිපති ක්‍රමය පාර්ලිමේන්තුවත් සමග බැඳෙන, ව්‍යවස්‌ථාදායකයත් එක්‌ක සම්බන්ධ වෙන තනතුරක් බවට පත් කරනවා කියලයි. එදා මහින්ද චින්තනයට දුන් ජනවරමටත් වඩා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියූ පොදු අපේක්‍ෂකයාටත් වඩා විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් මහින්ද චින්තන ඉදිරි දැක්‌ම ජනතාව අනුමත කළා.
අපේ රටේ පරමාධිපත්‍ය බලය උසුලන්නේ ජනතාව. ජනතාවගේ පරමාධිපත්‍ය බලය අනික් සියල්ලටම වඩා උතුම්. ජනතාවගෙන් වැඩි දෙනෙක් ගන්නා වූ තීරණය ක්‍රියාත්මක කළ යුතුයි, කියන එකයි මේ පරමාධිපත්‍යය කියලා කියන්නේ. ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කළ හැකි ක්‍රම කිහිපයක් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් වෙනවා. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පළමුවෙන් පරිච්ඡේදයේ හතර වෙනි වගන්තියේ මෙහෙම තිබෙනවා.
ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත් නොහළ හැක්‌කේය. පරමාධිපත්‍යයට පාලන බලය මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය ඇතුළත් වන්නේය.
පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම, භුක්‌ති විඳීම මතු දැක්‌වෙන ආකාරයෙන් තිබිය යුතුය.
1. ජනතාවගේ ව්‍යවස්‌ථාපිත බලය, ජනතාව විසින් තෝරා පත්කරනු ලබන මන්ත්‍රීවරයාගෙන් සමන්විත, පාර්ලිමේන්තුවක් විසින්ද ජනමත විචාරණයකදී පමණක් ජනතාව විසින් ක්‍රියාත්මක කළ යුතුය.
රටේ ආරක්‍ෂාව ඇතුලුව ජනතාවගේ විධායක බලය, ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය.
මෙතැනදී ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ අයිතියක් ජනතාවට තියෙනවා. ඒ සඳහා බාධා තිබෙනවානම් ජනතා පරමාධිපත්‍යයට ඒක හානියක්. මේ නිසා ජනාධිපති ධුරයට තරග කළ හැකි වාර ගණනට සීමා පනවන්න පුළුවන් කමක් නැහැ. ජනතාව විසින් දෙවරක් තෝරා පත්කර ගත් අයෙකුට ජනාධිපතිවරයා වීමට නොහැකිය යන කොන්දේසිය, බැලුවොත්, ඒක ඉතාම අසාධාරණ කොන්දේසියක්. ජනතාවගේ කැමැත්ත කියන එක දෙවරක් ලැබුණු පුද්ගලයෙකුට ජනතාව ඉදිරියට යළි යන්න බැහැ කියන එක සාධාරණ නැහැ. මේක කුමන අන්දමින්වත් ජනතාවගේ ධූර කාලය දීර්ඝ කර ගැනීමක් නොවෙයි. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ අවුරුදු හයේ ධූර කාලය අවුරුදු දොළහක් කරන එක නෙමෙයි. ජනතාවට තෝරා ගැනීම සඳහා අයිතියට දමන ලද සීමාවන් ඉවත් කිරීමක් පමණයි මෙතැනදී වෙන්නේ.
ප්‍රශ්නය - ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශයන් ලෙස පිළිගැනෙන ඇමරිකානු එක්‌සත් ජනපදයේ ජනාධිපතිවරයාට තම ධුර කාලය දෙවරකට වඩා දැරිය නොහැකි බවට වන සීමාවක් එම ව්‍යවස්‌ථාවෙන්ම තිබෙනවා. එසේ තිබියදී, මෙරටදී එම සීමාව ප්‍රජාතන්ත්‍රවාදයට, ජනතාවගේ පරමාධිපත්‍යයට හානියක් යෑයි ඔබ සඳහන් කරන්නේ කෙසේද?
පිළිතුරු - ඇමරිකාවේ සීමාවක් තිබීම, අපේ රටේ සීමාවක් නොතිබීමට බාධාවක් කරගත යුතුද? මේ රටේ දෙවරක් ජනාධිපති වීමට සුදුසුවන පුද්ගලයාට යළිත් ජනතාවගේ වරම ලැබීම සඳහා නුසුදුසුකමක් තිබෙනවා. ඒ නුසුදුසුකම තමයි දෙවරක් ජනාධිපති වීම. එවැනි බාධා තුළින් ප්‍රජාතන්ත්‍රවාදය අර්ථවත් වන්නේ නැහැ.
ප්‍රශ්නය - චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේදී මෙවැනි තත්ත්වයක් තිබුණා නම් මහින්ද රාජපක්‍ෂ මහතා රටේ ජනාධිපති නොවන්නට ඉඩ තිබුණා. මේ නිසා මෙම සීමාව ඉවත් කිරීම ජනතාවගේ තේරීම පටු කිරීමට බලපාන්නේ නැද්ද?
පිළිතුරු - ජනතාවට එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය යළිත් වරක් තෝරා ගැනීමට අවශ්‍යතාවයක් තිබුණා නම් එම අයිතිය දිය යුතුයි. ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා මෙම වගන්තිය ව්‍යවස්‌ථාවට ඇතුල් කළේ තමන්ට වාසිදායක ක්‍රමයට. ජනතාව විසින් දෙවරක් තෝරාගත් ජනාධිපතිවරයෙක් යන වගන්තිය තුළින් ඔහු අදහස් කළේ, ඔහු ජනතාව විසින් ජනාධිපති ලෙස තෝරා ගත්තේ එක් වරක් පමණක් නිසා, තවත්වාරයකට යන්නයි. ඒ අනුව තෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත්වීමට ඔහුට ඕනෑ වුණා. ඔහු ඒ සඳහා කමිටුවකුක් පත් කළා. නමුත් එදා මේ රටේ හැම ගහකම, ගලකම, ලයිට් කණුවකම තිබ්බේ ඡේ. ආර්. පන්නමු, මරව් කියලයි. මේ නිසා ජනතාවට ඡේ. ආර්. එළවන්න ඕනේ කියන අදහස තිබුණා. ඒ නිසා ඡේ. ආර්. ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්‌ථාව තිබුණත් පක්‍ෂය හා ජනතාව තුළින් එය සීමා වුණා. එදා තෙවෙනි වරට ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්‌ථාව චන්ද්‍රිකාට ව්‍යවස්‌ථාවෙන් තිබුණේ නැහැ. නමුත් මෙතැනදී එම අවස්‌ථාව චන්ද්‍රිකාට යළිත් ලැබිලා තිබෙනවා.
ප්‍රශ්නය - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තවම ගත කරන්නේ ඔහුගේ පළමු ධුර කාලය. ඔහුගේ දෙවෙනි ධුර කාලය සඳහා දිවුරුම් දීමටත් පෙර මෙවැනි සංශෝධනයක් සඳහා ආණ්‌ඩුව යොමුවුනේ ඇයි?
පිළිතුර - ඒක ඉතාම වැදගත් කාරණයක්. ඒක තමයි මෙතැන තියෙන හරය. ජනාධිපතිවරයා තෙවැනි වරටත් ඡන්දයකට ඉදිරිපත් වීම නොවෙයි. ජනාධිපතිවරයාට ලැබුණු ධුර කාලයේ දී ඔහුට ජනතාව ලබාදුන් බලය බයක් සැකක් නැතිව ක්‍රියාත්මක කිරීමේ අයිතිය ලබා දීමක් මෙතැනදී කෙරෙනවා. ජනතාවට වැඩ කරන්න, රටට වැඩ කරන්න, ජනාධිපතිවරයාට මෙයින් බලය ලැබෙනවා. මෙතැනදී පැහැදිළිව බලන්නá ඡේ. ආර්., චන්ද්‍රිකා, ක්‌ලින්ටන්, බුෂ් ආදී අයගේ පළවෙනි ධුර කාලය යි, දෙවෙනි ධුර කාලය යි අතර වෙනස. මේ ආදී සෑම ජනාධිපතිවරයෙකුගේම දෙවෙනි ධුර කාලයේදී ජනතා හිතවාදී පියවර වලට ගියේ නැහැ. ඔවුන් යළිත් ජනතාව ඉදිරියට නොයන හින්දා හිතුමතේ කටයුතු කළා. ඒ වගේම එම ආණ්‌ඩුවල ස්‌ථාවර භාවය නැති වුණා. චන්ද්‍රිකා මැතිනිය එතුමියගේ දෙවෙනි ධුර කාලයේදී, පාර්ලිමේන්තු මැතිවරණය දින්නා. නමුත් හකීම්ගෙන් පටන්ගෙන එස්. බී. ඇතුළු පිරිස් ආණ්‌ඩුවෙන් ගිහිල්ලා ආණ්‌ඩුවද වැටුණා.
ඡේ. ආර්. ජයවර්ධනගේ අවසාන කාලයේදී මුළු රටම අරාජික වුණා. ක්‌ලින්ටන් බැලුවත් එහෙමයි. පුද්ගලික චරිතය කැලැල් කර ගනිමින් ඇමරිකානු ඉතිහාසයේ ඔහු නම සටහන් කරගෙන ජනතාවගෙන් සමාව ඉල්ලුවා. බුෂ්ගේ දෙවෙනි පාලන කාලයේ දී මුළු ඇමරිකානු ආර්ථිකයම කඩාගෙන වැටුණා.
දෙවෙනි ධූර කාලය දරන ජනාධිපතිවරයෙකු වැඩ කරන්නේ "මම යළිත් ජනතාව ඉදිරියට යන්නේ නැහැ" කියන අදහසෙනුයි. ඒ නිසා ජනතාව වෙනුවෙන් ඔවුන් වැඩ කරන්නේ නැහැ. දෙවෙනි ධුර කාලය වනවිට නිලධාරින්, ඇමැතිවරු ආදී පුද්ගලයන් කල්පනා කරන්නේ, "මෙයාගේ කාලේ ඉවර වේගෙනයි යන්නේ, ඊළඟට එන්නේ කවුද?" කියලයි. මෙහෙම ගියාම රටට මොකක්‌ද වෙන්නේ. රටේ දේශපාලන අස්‌ථාවර භාවයක් මතුවෙනවා.
ප්‍රශ්නය - ජනතාවගේ පරමාධිපත්‍ය සුරැකීම, ප්‍රජාතන්ත්‍රවාදය අර්ථවත් කිරීම සඳහා මෙම සංශෝධනය ගෙන එන බව ඔබ දිගින් දිගටම පවසනවා. නමුත් මෙම ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී අනුමත කර ගැනීම සඳහා විපක්‍ෂ මන්ත්‍රීවරු බිලිබා ගැනීමට ආණ්‌ඩුව කටයුතු කරගනිමින් යනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්‍ෂය යනු අත්‍යාවශ්‍ය සාධකයක්. විපක්‍ෂ මන්ත්‍රීවරු බිලි බා ගෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කෙරෙන අතුල් පහරක් නොවේද?
පිළිතුරු - මෙතැනදී පැහැදිළිවම කිව යුත්තේ, මේ බිලි බා ගැනීමක් නොවෙයි. මේ මන්ත්‍රීවරු ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූ අය. ඔවුන් ජනතාවගේ අදහස් දන්නවා. රටේ ජනතාව ඉන්නේ කොයි පැත්තේද ඒ වෙලාවේ මන්ත්‍රීවරු හැසිරෙන්නේත් ඒ ආකාරයෙන්. ඒ නිසා තමයි මේ මන්ත්‍රීවරු අප සමග එක් වන්නේ. එදා ත්‍රස්‌තවාදයට එරෙහිව අපි මානුෂික මෙහෙයුම කරනකොට අයවැය පරාජය කරන්න, ආණ්‌ඩුව වට්‌ටන්න පාර්ලිමේන්තුව තුළ සැලැස්‌මක් තිබුණා. එතැනදී ජනතාව සිටියේ අපිත් සමග. ඒ නිසා ජනතා නියෝජිතයන් පිරිසක් විපක්‍ෂයේ ඉඳලා ඇවිල්ලා අපිත් සමග එකතුවෙලා ජනතාවගෙ මතය අනුව කටයුතු කළා. එතැනදී අපේ මන්ත්‍රීවරු හතර දෙනෙක් විපක්‍ෂයට ගියා. ඒ ගැන කතා කරන කොට බිලිබා ගන්නවා කියලා කියන්නේ නෑනේ. මේ වෙන්නේ බිලි බා ගැනීමක් නෙවෙයි. ජනතාවගේ මතය අනුව මන්ත්‍රීවරු හැසිරීමක්. ශ්‍රී ල.නි.ප.යත් බිහි වුණෙත් මේ වගේ පිල් මාරුවක් නිසයි. බණ්‌ඩාරනායක මහතා හා ඩී. ඒ. රාජපක්‍ෂ මහතා එදා එ.ජා.ප.යේ සිට විපක්‍ෂයට ආවා. සිංහල මහ සභාව හරහා තමයි ඔවුන් එ.ජා.ප.යට ඇතුල් වුණෙත්. මෙහිදී එම ජනතාවගේ අදහස් ඔවුන්ට බලපෑවා.
ප්‍රශ්නය - ආණ්‌ඩු පක්‍ෂයට පාර්ලිමේන්තුව තුළ තිබෙන්නේ ආසන 146 යි. එතැන් සිට ව්‍යවස්‌ථා සංශෝධනයට අවශ්‍ය ඉතිරි ඡන්ද ලබා ගැනීම සඳහා ආණ්‌ඩුව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය අපේක්‍ෂා කරනවා. ඒ කියන්නේ මේ ව්‍යවස්‌ථා සංශෝධනය අනුමත වන්නේ තුනෙන් දෙකේ බහුතරයකින් වුවත්, ඒ සියල්ල ආණ්‌ඩුවටම ලැබුණු ඡන්ද නොමෙයි, කියන එකනේ. එසේ නම් තමන්ට ලැබුණු ජනවරමෙන් ව්‍යවස්‌ථාව සංශෝධනය කරනවා යෑයි ආණ්‌ඩුව කියන කතාව අසත්‍යයක් නේද?
පිළිතුරු - මේ ව්‍යවස්‌ථාව හැදුවේ කුමන තත්ත්වයක පාර්ලිමේන්තුවක්‌ද? එයට එදා ලැබුනේ කෙබඳු ජනවරමක් ද? මේ ව්‍යවස්‌ථාව 1978 හදන කොට එ.ජා.ප.යට 1977 දී ඡන්ද ලැබුණේ තිස්‌එක්‌ලක්‍ෂ හැත්තෑ නවදහස් දෙසිය විසිඑකයි. එය ප්‍රතිශතයක් ලෙස 50.9% යි. කේවල ක්‍රමය නිසා එදා පාර්ලිමේන්තු නියෝජනයේ ආණ්‌ඩු පක්‍ෂය හයෙන් පහක් වුණා. නමුත් මෙවර ජනාධිපතිවරණයේදී හැට ලක්‍ෂ පහළොස් දහස් නවසිය තිස් හතරක ඡන්ද මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ලැබුණා. එය ප්‍රතිශතයක් ලෙස 57.88% යි. ඊට අමතරව පාර්ලිමේන්තු මැතිවරණයේදී 60.33% ක ඡන්ද ප්‍රතිශතයක් අපි අරගෙන තියෙනවා. ඒ කියන්නේ 1977 දී මෙම ව්‍යවස්‌ථාව නිර්මාණය කරන්න ලැබුණු ජනවරමටත් වඩා වැඩි ජනවරමක් මෙම සංශෝධනය සඳහා ලැබී තිබෙනවා. ඊට අමතරව නුවර දී එ.ජා.ප.යෙන් පළවෙනියා වුණු කාදර් මහතා, නුවර එළියේදී මනාපයෙන් පළවෙනියා වුණු දිගම්බරම් මහතා, කොළඹ දිස්‌ත්‍රික්‌කයේ එකම දෙමළ මන්ත්‍රීවරයා වන ප්‍රභා ගනේෂන් මහතා ඇතුළු එ.ජා.ප.යට මඩකලපුවෙන් ආපු එකම මන්ත්‍රීවරයා, ත්‍රිකුණාමලෙන් එ.ජා.ප.යෙන් ආපු එකම මන්ත්‍රීවරයා, අම්පාරෙන් එ.ජා.ප.යෙන් පත්වූ මන්ත්‍රීවරු දෙන්නාම, ඒ කියන්නේ මුළු නැගෙනහිර පළාතෙන්ම එ.ජා.ප.යෙන් ආපු මන්ත්‍රීවරු හතර දෙනාමත් මෙම සංශෝධනයට සහාය පළ කරනවා. උතුරෙන් එ.ජා.ප.යෙන් පත්වූ මන්ත්‍රීවරු දෙදෙනාගෙන් එක්‌කෙනෙක්, නුවර එළියේ දී එ.ජා.ප.යෙන් දෙවෙනියා වෙමින් පත්වූ හකීම් මහතාත් මෙයට සහාය දෙනවා. මේ සංශෝධනය ඇත්තටම මේ ව්‍යවස්‌ථාව නිර්මාණය කර සම්මත කර ගත්තාටත් වැඩිය, ජනතා අනුමැතියක් ලැබී තිබෙනවා. (Divaina Irida)

ව්‍යවස්‌ථා සංශෝධනයට ජවිපෙ රහස් ඡන්දයක් ඉල්ලයි
18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා 08 වැනිදා, පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසුම රහස් ඡන්දයක් ලෙස පැවැත්විය යුතු යෑයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
ඒ සඳහා එක්‌සත් ජාතික පක්‌ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක් නොකළහොත් තම පක්‌ෂය එම ඉල්ලීම කරන බවද මන්ත්‍රීවරයා පැවැසීය.
රහස් ඡන්දයක් පවත්වනවාද, මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසනවාද, යන්න පිළිබඳ තීන්දුව ලබාදීම කථානායකවරයා සතු බවද හේරත් මහතා පැවැසුවේය. (Divaina Irida)

ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‌ෂව එජාපයෙන් මන්ත්‍රීවරු හයක්
ආණ්‌ඩුව ලබන බදාදා (08 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‌ෂව එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනකු පමණ ඡන්ද ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
දැනටමත් ලක්‌ෂ්මන් සෙනෙවිරත්න, අර්ල් ගුණසේකර සහ මනූෂ නානායක්‌කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‌ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතුය යන මතයේ සිටින බව ප්‍රකාශ කර ඇත. මෙයට අමතරව , වයඹ හා බස්‌නාහිර යන පළාත්වල දිස්‌ත්‍රික්‌ක දෙකක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සංශෝධනයට පක්‌ෂව ඡන්දය දීමට සූදානමින් සිටින බවද වාර්තා වේ. මොවුන් රජයේ ප්‍රබල ඇමැතිවරුන් සමග සාකච්ඡා කර තිබේ.
පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‌ෂයට කථානායකවරයා හැර මන්ත්‍රී ධුර 145 ක් හිමි අතර එජාප මන්ත්‍රී අබ්දුල් කාදර් මහතා ආණ්‌ඩුව සමග සිටින බව දැනටමත් ප්‍රකාශ කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් අට දෙනාගේ ඡන්දයද ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‌ෂව ප්‍රකාශ කරන බව එම පක්‌ෂය ප්‍රකාශ කරන ලදී.
පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට මන්ත්‍රීවරු 150 දෙනෙකු අවශ්‍ය නමුත් දැනටමත් ආණ්‌ඩුවට මන්ත්‍රීවරුන් 154 දෙනෙකුගේ සහාය හිමිව තිබේ.
අගමැති දි. මු. ජයරත්න මහතා විසින් 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන යෝජනා කෙටුම්පත බදාදා (08 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එදින රාත්‍රි 7.00 ට පනත පිළිබඳ ඡන්ද විමසීම සිදුකෙරේ. (Divaina Irida)

Saturday, September 4, 2010
කිලෝ 43 ක් බැරැති කාලතුවක්‌කු උණ්‌ඩයක් සමග සැකකරුවකු අල්ලයි
අතුරුගිරිය ගල්වලවත්ත ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් අනාවරණය කරගත් කරුණු ඔස්‌සේ කිලෝග්‍රෑම් 43 ක් බරැති කාලතුවක්‌කු උණ්‌ඩයක් ඊයේ (3 වැනිදා) කොට්‌ටාව පොලිස් වසමට අයත් හබන්හේනවත්තේ ගල්වළක තිබියදී සොයාගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
මෙම කාලතුවක්‌කු උණ්‌ඩය තමා එම ගල්වළේ තිබී දැක පසුව එය ගෙන අතුරුගිරිය වල්ගම ප්‍රදේශයේ පරණ යකඩ බඩු කඩයකට අලෙවි කිරීමට රැගෙන ගිය බවත් එය එම වෙළෙඳසල් හිමියා ප්‍රතික්‍ෂේප කිරීම නිසා නැවතත් ගල්වළටම රැගෙනවිත් දැමූ බවත් පොලිසියට ප්‍රකාශ කර තිබේ.
දැනට පොලිසිය කර ඇති විමර්ශනවලට අනුව එම කාලතුවක්‌කු උණ්‌ඩය මෙරට ආරක්‍ෂක අංශ පරිහරණය කරනු ලැබූ උණ්‌ඩයක් බවත් එම කාලතුවක්‌කු උණ්‌ඩය වසර විස්‌සක් පැරැණි උණ්‌ඩයක් බවත් හෙළිවී ඇත.
අත්අඩංගුවට පත් සැකකරුගේ ප්‍රකාශ සත්‍යද යන්න සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
මෙම කාලතුවක්‌කු උණ්‌ඩය ගල්වළට ආවේ කෙසේද? එය රැගෙන ආවේ කව්ද කිසිවකු යම් අපරාධයකට මෙම උණ්‌ඩය ගල්වළට දැමුවේද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කීපයක් ඔස්‌සේ පරීක්‍ෂණ සිදුකරයි.
ගල්වළේ තිබූ කාලතුවක්‌කු උණ්‌ඩය බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් ගොඩට ගත් බවද පොලිසිය කියයි.
මේ පිළිබඳව අතුරුගිරිය පොලිසියේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක අනිල් ජයන්ත මහතාගේ උපදෙස් මත පොලිස් කොස්‌තාපල් රංජිත් (320) ඇතුළු බලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි. (Divaina)

මීළඟ පළාත් පාලන මැතිවරණයේදීවත් ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් සහතික කරමු - නීතිඥ නිලානි මන්ත්‍රීනායක
ළඟ එන පළාත් පාලන මැතිවරණයේදී ගුණාත්මක හා ප්‍රමාණාත්මක කාන්තා නියෝජනයක් වෙනුවෙන් ඉඩකඩ වෙන් කරන ලෙස පක්‍ෂ භේදයෙන් තොරව ලංකාවේ සියලුම දේශපාලන පක්‍ෂ වලින් තමා ඉල්ලා සිටින බව මව් ගුණයෙන් යුතු යහපාලනයක් උදෙසා වන ව්‍යාපෘතියේ කළමනාකාරිණී නීතිඥ නිලානි මන්ත්‍රීනායක මහත්මිය පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
එම නීතිඥ මහත්මිය විසින් නිකුත් කළ පුවත්පත් නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 53% ක් වන කාන්තාවන්ගෙන් අති බහුතරය, වෙනස්‌කම්වලට ලක්‌වූවන් වනවාට අමතරව පවතින දේශපාලන සංස්‌කෘතියෙන් පිටමං කෙරුණු ජන කොටසක් බව අපි උදක් ම විශ්වාස කරමු. 1948 න් පසු විවිධ දේශපාලන පක්‍ෂ වරින් වර බලයට පැමිණියත් දේශපාලනයේ දී ක්‍රියාත්මක විය යුතු කාන්තා නියෝජනය ගැන ඔවුහු දැක්‌වූයේ අල්ප උනන්දුවකි. මෙය හුදු පුරුෂාධිපත්‍යයික ක්‍රියාවලියකට වඩා එහා ගිය දැනුවත් දේශපාලන තීරණයක් බව අපි විශ්වාස කරන්නෙමු. (Divaina)

රජය ගෙනයන ඒකාධිපති වියරුව නතර කිරීමට පක්‍ෂ බේදයෙන් තොරව සියලූ බලවේගයන් එක්‌විය යුතුයි - මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම
රජය ගෙනයනු ලබන ඒකාධිපති වියරුව නතර කර දැමීමට පක්‍ෂ බේදයෙන් තොරව සියලුම ප්‍රගතිශීලී බලවේගයන් එක්‌විය යුතු බව කළුතර දිස්‌ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.
රක්‍ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැරීමෙන් පසු ජනතාව විසින් මතුගම නගරයේ සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට එක්‌වෙමින් හෙතෙම මේ බව කීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ තෙවරප්පෙරුම මහතා මෙසේද කියා සිටියේය.
ඔප්පු කරන්න බැරි චෝදනා එල්ල කර රිමාන්ඩ් කරපු මාව අධිකරණය මගින් අද (20 වැනිදා) ඇපමත මුදාහැරියා. පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදියට රිමාන්ඩ් එකට ගිය මම එළියට ආවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියටයි. ජනතාව මගේ නියම ඇපකරුවන් ලෙස ඉදිරිපත් වෙලා හිරේ හිටපු මාව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් කළා. මාස 8 කට අධික කාලයක් මාව රිමාන්ඩ් කරල පුළුවන් තරම් වද වේදනාදීලා ආණ්‌ඩුව පැත්තට නම්මගන්න උත්සහ කළා. ආත්මයක් නැති බඩගොස්‌තර වාදීන් අපේ ඡන්දයෙන් ගිහින් ආණ්‌ඩුවට එකතු වුණා. මේ පාලිත තෙවරප්පෙරුම ජීවිතය තිබෙන තුරු එක්‌සත් ජාතික පක්‍ෂය හැරයන්නේ නැති බව මම හිරෙන් ඇවිත් අද කියනවා.
හිරේ හිටපු මාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කළ ජනතාවට මම නැවත වතාවක් ස්‌තූතිය පළකරනවා. (Divaina)

විපක්‍ෂය කියන තරම් කිසිම භයානක කමක් ව්‍යවස්‌ථා සංශෝධනයේ නෑ - ජනාධිපති
ආණ්‌ඩුව ඉදිරිපත් කර ඇති ව්‍යවස්‌ථා සංශෝධනයෙහි විපක්‍ෂය කියන ආකාරයේ කිසිම භයානක කමක් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. ජනාධිපති ධුර කාලය දික්‌කර ගැනීමට මෙම සංශෝධන මගින් සිදුවන බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම බොරුවක් යෑයි ද මේ තුළින් සිදුවන්නේ ජනාධිපතිවරයා නැවත පත් කරගැනීමට ජනතාවට තීන්දු කිරීමට අවස්‌ථාව ලබාදීම යෑයි ද ඊයේ (02) අරලියගහ මන්දිරයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 59 වැනි සමුළුව අමතමින් පැවසීය.
17 වැනි සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවෙන් පිටත තිබූ ව්‍යවස්‌ථාදායක සභාව නැවත පාර්ලිමේන්තුවට ගැනීම නව සංශෝධනයෙන් යෝජනා කර ඇති බවත් කී ජනාධිපතිවරයා මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ ජාතීන්ට ද සාමාජිකයන් නම් කිරීමේ අවස්‌ථාව හිමිවන බවද කීය.
බෙදී වෙන්වී තිබූ රට දැන් එක්‌සේසත් කර ඇතැයි ද දැන් තිබෙන්නේ රට සංවර්ධනය කරා ඉදිරියට ගෙන යැමට බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව විපක්‍ෂය ගෙන යන බොරු මතවාදවලට ගම තුළ ඉඩ නොතබන ලෙස ද නිවැරදි දේ ගැන ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී පක්‍ෂ ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටියේය. (Divaina)

ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහි වන්නැයි ජවිපෙ ආණ්‌ඩුවේ මන්ත්‍රීගෙන් ඉල්ලයි
ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‍ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබා නොදෙන්නැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (02 දා) ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිව ජනතාව දැනුවත් කිරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිටදී "අත්පත්‍රිකා" බෙදා හැරීමේ වැඩසටහනට සහභාගිවූ ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.
ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිම කෙනෙක් මේ ව්‍යවස්‌ථා සංශෝධනයට කැමති වන්නේ නැහැ. මේ සංශෝධනයෙන් හානි වන්නේ පෞද්ගලිකවම ජනතා විමුක්‌ති පෙරමුණට නොවේ මුළු රටටමයි. රටේ ජනතාවටයි. ඒ නිසායි අප ඉල්ලා සිටින්නේ මේ තක්‌කඩි ක්‍රියාවට හවුල් වන්න එපා කියලා. මේ ව්‍යවස්‌ථා සංශෝධනය තුනෙන් දෙකක බලයෙන් සම්මත වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ටත් බලපානවා. කිසිම දිනක ඒ පක්‍ෂයේ වෙනත් කෙනෙකුට රටේ ජනාධිපති තනතුරට පත්වන්න ලැබෙන්නේ නැහැ. දිගටම මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති තනතුර දරාවි.(Divaina)

ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව විවාදය හා ඡන්ද විමසීම 8 වැනිදා
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව 7 වැනිදා මැතිසබයට
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මෙම 08 වැනිදා පමණක් පවත්වා එදිනට ඡන්දය විමසීමට ඊයේ (02 දා) සවස පැවැති පක්‌ෂ නායක රැස්‌වීමේදී තීරණය කර ඇත.
ඒ අනුව 08 වැනිදා (බදාදා) පෙරවරු 9.30 සිට රාත්‍රි 7.00 දක්‌වා ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ විවාදය සහ ඡන්ද විමසීම පැවැත්වේ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව 07 වැනිදා පෙරවරුවේ කතානායක චමල් රාජපක්‌ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතය. ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව 08 වැනිදා විවාද කර 09 වැනිදා ඡන්දය විමසීමට මින් පෙර තීරණය කර තිබුණද විවාදය හා ඡන්ද විමසීම එකම දිනයක පැවැත්විය යුතු බවට පක්‌ෂ නායක රැස්‌වීමේදී ආණ්‌ඩු පක්‌ෂය ප්‍රකාශ කර ඇත.
දින දෙකකදී නොපවත්වා කාලය දීර්ඝ කර එකම දිනයකදී විවාදය හා ඡන්ද විමසීම සිදුකළ යුතු බව ආණ්‌ඩුව මෙහිදී යෝජනා කර ඇත.
ඒ අනුව 08 වැනිදා ව්‍යවස්‌ථා සංශෝධන විවාදය හා ඡන්ද විමසීම පැවැත්වෙන අතර 07 වැනිදා පස්‌වරු 1.00 සිට 7.00 දක්‌වා හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාවත්, 09 වැනිදා පස්‌වරු 1.00 සිට 7.00 දක්‌වා රජයේ පනත් කෙටුම්පතත් විවාදයට ගැනීමටත් යෝජනා වී ඇත. (Divaina)

Subscribe to:
Posts (Atom)