අපට කලින් එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතාට දඬුවම් දෙන්න ඕනෑ යෑයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතා පවසයි.
පක්‍ෂය මෙම තත්ත්වයට ඇදදැමීමට මුල්වුණේ කරු ජයසූරිය මහතායි. පක්‍ෂ නායකත්වය කරු ජයසූරියට දුන් දඬුවම මොකක්‌ද කියලා මම ප්‍රශ්න කරනවා.
අද එජාපය මුහුණපා තිබෙන තත්ත්වය ගැන කණගාටුයි.
ව්‍යවස්‌ථා සංශෝධනයට සහය දීමට එජාපයෙන් අට දෙනෙක්‌ම සූදානම් වෙලා සිටිනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා යි ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
Showing posts with label UNP Leader. Show all posts

Monday, September 6, 2010
Saturday, September 4, 2010
හැකිනම් එජාපයේ සියලු දෙනාම එක ස්‌ථාවරයක තබා ගන්න - ටිල්වින් සිල්වා එජාපයට අභියෝග කරයි
අලියා ලකුණ යටතේ පසුගිය මැතිවරණයට තරග කර තේරී පත්වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ ඡන්දය හැකිනම් ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිව ලබාදෙන්නැයි එක්‌සත් ජාතික පක්‌ෂයට අභියෝග කරන බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (03 දා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවැසුවේය.
දහඅට වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙම 08 වැනිදා පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසන අවස්‌ථාවේ "අලියා" යටතේ තරග කළ සමස්‌ත මන්ත්‍රීවරුන් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළොත් ආණ්‌ඩුව පරාජයට පත්වන බවද ටිල්වින් සිල්වා මහතා කීය.
යෝජිත ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිව මාධ්‍ය සාකච්ඡා කිහිපයක් හැරෙන්නට එක්‌සත් ජාතික පක්‌ෂය කිසිදු වැඩ කොටසක් මෙතෙක් සිදුකර නැතැයි කී ටිල්වින් සිල්වා මහතා මෙවැනි තත්ත්වයක් තුළදී ව්‍යවස්‌ථාවට එරෙහිව එජාපය සමග ඒකාබද්ධ වී කටයුතු කළ නොහැකි බවද එසේ කළොත් ජවිපෙ විසින් සිදු කරමින් සිටිනු ලබන වැඩපිළිවෙළටද බාධා එල්ල වන බව ප්‍රකාශ කළේය.

Labels:
18th Amendment,
JVP,
Sri lanka new constitution,
UNP,
UNP Leader
රජය ගෙනයන ඒකාධිපති වියරුව නතර කිරීමට පක්‍ෂ බේදයෙන් තොරව සියලූ බලවේගයන් එක්‌විය යුතුයි - මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම
රජය ගෙනයනු ලබන ඒකාධිපති වියරුව නතර කර දැමීමට පක්‍ෂ බේදයෙන් තොරව සියලුම ප්‍රගතිශීලී බලවේගයන් එක්‌විය යුතු බව කළුතර දිස්‌ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.
රක්‍ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැරීමෙන් පසු ජනතාව විසින් මතුගම නගරයේ සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට එක්‌වෙමින් හෙතෙම මේ බව කීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ තෙවරප්පෙරුම මහතා මෙසේද කියා සිටියේය.
ඔප්පු කරන්න බැරි චෝදනා එල්ල කර රිමාන්ඩ් කරපු මාව අධිකරණය මගින් අද (20 වැනිදා) ඇපමත මුදාහැරියා. පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදියට රිමාන්ඩ් එකට ගිය මම එළියට ආවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියටයි. ජනතාව මගේ නියම ඇපකරුවන් ලෙස ඉදිරිපත් වෙලා හිරේ හිටපු මාව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් කළා. මාස 8 කට අධික කාලයක් මාව රිමාන්ඩ් කරල පුළුවන් තරම් වද වේදනාදීලා ආණ්‌ඩුව පැත්තට නම්මගන්න උත්සහ කළා. ආත්මයක් නැති බඩගොස්‌තර වාදීන් අපේ ඡන්දයෙන් ගිහින් ආණ්‌ඩුවට එකතු වුණා. මේ පාලිත තෙවරප්පෙරුම ජීවිතය තිබෙන තුරු එක්‌සත් ජාතික පක්‍ෂය හැරයන්නේ නැති බව මම හිරෙන් ඇවිත් අද කියනවා.
හිරේ හිටපු මාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කළ ජනතාවට මම නැවත වතාවක් ස්‌තූතිය පළකරනවා. (Divaina)

විපක්‍ෂය කියන තරම් කිසිම භයානක කමක් ව්‍යවස්‌ථා සංශෝධනයේ නෑ - ජනාධිපති
ආණ්‌ඩුව ඉදිරිපත් කර ඇති ව්‍යවස්‌ථා සංශෝධනයෙහි විපක්‍ෂය කියන ආකාරයේ කිසිම භයානක කමක් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. ජනාධිපති ධුර කාලය දික්‌කර ගැනීමට මෙම සංශෝධන මගින් සිදුවන බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම බොරුවක් යෑයි ද මේ තුළින් සිදුවන්නේ ජනාධිපතිවරයා නැවත පත් කරගැනීමට ජනතාවට තීන්දු කිරීමට අවස්‌ථාව ලබාදීම යෑයි ද ඊයේ (02) අරලියගහ මන්දිරයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 59 වැනි සමුළුව අමතමින් පැවසීය.
17 වැනි සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවෙන් පිටත තිබූ ව්‍යවස්‌ථාදායක සභාව නැවත පාර්ලිමේන්තුවට ගැනීම නව සංශෝධනයෙන් යෝජනා කර ඇති බවත් කී ජනාධිපතිවරයා මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ ජාතීන්ට ද සාමාජිකයන් නම් කිරීමේ අවස්‌ථාව හිමිවන බවද කීය.
බෙදී වෙන්වී තිබූ රට දැන් එක්‌සේසත් කර ඇතැයි ද දැන් තිබෙන්නේ රට සංවර්ධනය කරා ඉදිරියට ගෙන යැමට බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව විපක්‍ෂය ගෙන යන බොරු මතවාදවලට ගම තුළ ඉඩ නොතබන ලෙස ද නිවැරදි දේ ගැන ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී පක්‍ෂ ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටියේය. (Divaina)

Subscribe to:
Posts (Atom)